Sat. Jun 28th, 2025

අනුරගෙන් රාජ්‍ය සේවකයන්ට ආකර්ෂණීය පොරොන්දුවක්

Aug31,2024

තම පාලනයක් යටතේ සෑම මාස 6කට වරක් ම රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා දීමේ වැඩපිළිවෙලක් අරඹන බව ජාතික ජනබලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

විශ්‍රාම වැටුප ප්‍රශ්නයකින් තොරව ලබා දීමටත්, කිසිදු උසස්වීමක් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබා දීමටත් කටයුතු කරන බව කියන ඔහු රාජ්‍ය සේවකයෙකුට සාධාරණ වැටුපක් ලබා දීම රජයේ වගකීමක් බවත් ජීවන වියදමට සරිලන වැටුපක් සෑම වසරකම මාස 6කට වරක් ගණනය කර ඊට සරිලන වැටුපක් ලබා දීමට සැලසුමක් තමා සතුව ඇති බවත් සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ නායකයා මේ බව කියා සිටියේ, කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවති සංවර්ධන නිළධාරි සේවා සංගමය හා රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් සංවිධානය කළ සංවර්ධන නිලධාරී හා ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුවට එක් වෙමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *