අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28ක අපොස සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට යෝජිතව තිබූ ගණිත කඳවුරු නොපවත්වා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
චෝදනා පහක් සහිත චෝදනා පත්‍රයක් උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර විසින් ගොනු කර ඇතැයි සඳහන්.
අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ගණිත කඳවුරු පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් සැලසුම් කර තිබු අතර පාසල් 14ක පවත්වා තවත් 14ක පැවැත්වූ බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් ලබා ගෙන ඇති බව හෙළිදරව් වී තිබෙනවා.