ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවාගත් BRICS සංවිධානයේ මීළඟ සමුළුව ඔක්තෝම්බර් 22 සිට 24 දක්වා රුසියාවේ කාසන් නුවරදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඊට සහභාගි වන ලෙස රුසියානු තානාපති Levan S. Dzhagaryan විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර තිබුණා.
හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය BRICS හි සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට නිර්දේශ කර තිබූ අතර එම සාමාජිකත්වය ශ්‍රී ලංකාව තවමත් බලාපොරොත්තුවෙන් සිටියා.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නියැළෙන බැවින් ජාතික ජන බලවේගයේ දේශපාලන නායකත්වයේ කිසිවෙකුත් සමුළුවට සහභාගි නොවනු ඇති බව වාර්තා වෙනවා.