Fri. Jun 27th, 2025

අනුර රනිල්ගේ ගමන ම ඊටත් වඩා වේගෙන් යනවා: පෙසප

Oct25,2024 #news #slpolitics

ජනපති අනුර කුමාර දිසානායකගේ රජය හිටපු ජනපතිවරයාගේ ආර්ථික ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරනවා.

ජාතික ජනබලවේග රජය බැඳුම්කර නිකුත් කිරීම ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙරට බැඳුම්කර නිකුත් කිරීම සඳහා ඇමරිකානු සිටි බැංකුව නම් කර ඇති බවත් ඔවුන් 2008 ඇමරිකානු ආර්ථික අර්බුද සමයේ එරට ජනයා දැඩි ලෙස සූරා කෑ ආයතනයක් බවත් පවසන ජයගොඩ මෙම බැංකුව සහ සෛරීත්ව බැඳුම්කර මිලට ගන්නා ජාත්‍යන්තර සමාගම් අතර සෘජු සබඳතා ඇති බවත් එම බැංකුවේ නිලධාරීන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලවල ද සිටිනා බවත් පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *