ජාතික ජනබලවේග රජයක් යටතේ සියල්ලට ඉහළින් අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා පවසනවා.
රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව සිය රාජකාරිය කිරීමට අවස්ථාව සළසාදීමට සූදානම් බවයි ඒ මහතා පවසන්නේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ ජන හමුවක් පැවැත්වුණා.
ජන හමුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළා.