මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
සදසිරි දුනුවිල සදගිරිලෙන් පුරාණ විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය අංකුඹුරේ පේමවංශ නායක ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විශේෂාධිකාරී මණ්ඩලයේ හා කාරක පාලක මහා සංඝසභාවල සමානච්ඡන්දයෙන් අනුනායක පදවිය පිරිනැමීම පසුගියදා සිදුවුණා.
ඒ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රගහල උත්සව ශාලාවේදීයි.
මෙහිදී සන්නස් පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ අතර විජිනිපත පිළිගැන්වූයේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින්.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.