Wed. Apr 30th, 2025

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි, වෙළදසැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කරන 24 හැවිරිදි පුද්ගලයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *