ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළකිරීම සදහා පන්විල ප්රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබූ ජන හමුවකට පැමිණි පිරිසකට ලබාදීම සදහා සූදානම් කර තිබූ ආහාර මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන පන්විල පොලිසියට භර දී තිබෙනවා.
මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් එහි ගොස් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම ජනහමුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්රමසිංහට සහාය පළකිරීම සඳහා පවත්වන ලද්දක් බවයි.
එම ජනහමුව සඳහා 150ක පමණ පිරිසක් රැස්ව සිටි බව ද සඳහන්.
ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම්වලට පැමිණෙන පිරිස්වලට ආහාර හා මත්පැන් ලබාදීම සපුරා තහනම් වන බැවින් එවැනි දේ සම්බන්ධ තොරතුරු වාර්තා වුවහොත් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙස මහනුවර මැතිවරණ කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර මහනුවර ප්රදේශයේදීම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ජන හමුවක් වෙනුවෙන් රැගෙන ආ බිරියානි විශාල ප්රමාණයක් ද මහනුවර මැතිවරණ කාර්යාලය විසින් පොලීසියට භාර කළා.