Sat. Jun 28th, 2025

සංගීතයක් මැද වලියක් – අයෙක් මරුට පහක් රෝහලේ

Jul13,2024

වීරකැටිය මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොරයාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක දී මෙම මරණය සිදුව ඇති බවයි.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසයි.

ගැටුමේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *