Sun. Apr 27th, 2025

මාලිමා තවත් පිරිසකගේ පට්ටම් හැළෙයි!

Dec16,2024 #news #slpolitics

රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනෙකු මැතිවරණ ව්‍යාපාරයේදී රටට ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක පළ වී තිබෙනවා.

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉංජිනේරු උපාධිය සහ තවත් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් මේ අතර වෙනවා.

තොරතුරු දැනගැනීමේ පණත යටතේ මේ සුදුසුකම් තහවුරු කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවකගේ ෆේස්බුක් ගිනුම්වලින් සමහර තොරතුරු ඉවත් කරමින් ඇති බව ඒ අතර වාර්තා වෙනවා. එහෙත් එම ගිනුම්වල සංස්කරණ ඉතිහාසය මගින් ඒවා දැකගැනීමට හැකි වෙනවා.

ජාතික ජනබලවේග රජයේ මන්ත්‍රීවරුන් රටට ඉදිරිපත් කළ සුදුසුකම් සොයා ඒවා සත්‍යදැයි විමසන සමාජ මාධ්‍ය මැදිහත්වීම් ගණනාවක් දකින්නට ලැබීම විශේෂත්වයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *