Sun. Apr 27th, 2025

සමගි ජන බලවේගයේ තවත් වලියක්

සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ රුව සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබු බවට වාර්තා වනවා.

මෙහිදී ඔහු එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසා ඊට උරණ වූ රෝහිණී කවිරත්න, ලක්ෂ්මන් වසන්ත වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට නොපැමිණෙන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙන බව පැවසෙනවා.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබු අතර ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනක අසුන් ගෙන තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් දී නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි .

එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙසද ඇය එහිදි සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *