ලියාපදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලුණුවිල, මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනක් බව වාර්තා වනවා.
රජයට අයත් වාහන පහක් නිවසක සඟවා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි මෙම ඩිෆෙන්ඩර් රථය සොයා ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අංක කිසිවක් නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා විකෘති කර ඇති බවත් පරික්ෂා කිරිමේදි අනාවරණය වූ බව පොලිසිය කියා සිටියා.