Sat. Jun 28th, 2025

පාතාල සමිඳු කළ තවත් අපරාධයක් හෙළිවෙයි

Mar4,2025 #ganemulle sanjeewa

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු වන 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන සැකකරු විසින් සිදුකළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

අදාළ සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවද අනාවරණය වී තිබෙනවා.

එම වෙඩි තැබීම ද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇතැයි සඳහන්.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඔහුව මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදුකෙරෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *