ජනාධිපතිවරණය සඳහා තරඟ වදින සියලුම අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.
අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා කැඳවමින් ඇති බවයි.
ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන ජන රැළි පැවැත්වීමට දින කිහිපයකට පෙර සිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා කැඳවා අධ්‍යනය කරන බවත් ඊට අමතරව අදාළ අපේක්ෂකයා එම ජන රැළියට සහභාගී විමට පැය කිහිපයකට පෙර යළිත් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කර ගන්නා බවත් අමාත්‍යංශය පෙන්වා දෙනවා.
එවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ ජනාධිපති අපේක්ෂකයින්ට අවශ්‍ය ආරක්ෂාව සම්පුර්ණයෙන්ම සලසා ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.