Fri. Jun 27th, 2025

රනිල්ගේ බිත්තර ගැන අනාවරණයක්

Oct31,2024 #business #egg #food #sl economy

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී මාසයකින් බිත්තර නිෂ්පාදනය හෝ පොල් අස්වනු ක්ෂණිකව ඉහළ නැංවීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

“අනුර කුමාර සහෝදරයාට දැන් අභියෝගය මොකක්ද, බිත්තර මිල අඩු කරන්න ලු. දැන් පත්වෙලා මාසයයි දවස් පහයි. කිකිළියෙක් සාමාන්‍යයෙන් පැටියෙක් දාලා, ලොකු මහත්වෙලා, බිත්තර දාන්න කොච්චර කල් යනවද ? මාස හතර හමාරක් පහක් යනවා. මේ දැනටත් බිත්තර දාන්නෙ රනිල්ගෙ කිකිළියෝ. ඔය සමහරු කෑගහන්නෙ ඔන්න අනුර ආවා, පොල් මොකද කියලා අහනවා, පොල් පේනවද කියලා අහනවා, තරු පේනවද කියලා අහනවා. ඔය තාම පේන්නෙ රනිල්ගෙ තරු. දැන් අනුර සහෝදරයා ආපු ගමන් මාසෙන් පොල් පැළයක් හිටවලා පොල් කඩන්න පුළුවන්ද ? ඒ හින්දා මේ අනුර සහෝදරයා ආවා කියලා මාසෙන් දෙකෙන් පොල් ගස්වල මල් පීදිලා පොල්ගෙඩි හැදෙන්නෙ නෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (30) මහියංගණය ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *