Sat. Jun 28th, 2025

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරේ පසුවන බවයි.

“සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. ඒ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ. මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතාම කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහායි. මේ අවස්ථාවේදී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා තව දින කිහිපයක්… තව සති දෙකක වගේ කාලයක් තුළ අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ මේ ප්‍රතිඵල ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *