කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.