Sat. Jun 28th, 2025

රනිල්ගෙන් තවත් දෙකක් ගැලවෙයි

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට අද (26) සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

එහිදී ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දකුණේ දේශපාලන මතය දිනවිමට සියලු දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති ආදී සියලු දෙනා එක්විය යුතු බවයි.

රට මේ වෙලාවේ තිරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරණයේ පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට නොපැමි‍ණෙන බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු වරුණ රාජපක්ෂ මහතා පැවසුවා.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ජයගත් අනුර කුමාර දිසානායක මහතාද ප්‍රතිශතය අනුව ජය ගත්තේ දකුණු ඉවුරේ පක්ෂ බවත් දකුණ ඉවුරේ පක්ෂ, කොටස් දෙකකට වෙන් විම නිසා පරාජය වුන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *