Sat. Jun 28th, 2025

තොණ්ඩමන් ව අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Jul22,2024

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ අද (22) කරුණු වාර්තා කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා

අධිකරණය වෙත අද දින ඉදිරිපත් වන ලෙසට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් පිරිසට ලිඛිතව නුවරඑළිය පොලීසිය මඟින් දැනුම් දි තිබු නමුත් සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වී සිටියේ නැහැ

වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *