එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කර මංමාවත් පණත හා පොලිස් ආඥා පණත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට හිටපු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
එම සාක්ෂි විභාගය ලබන මස 28 දින සිදු කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජෙ.පො.අධිකාරි පාලිත පනාමල්දෙණිය අද (30) සාක්ෂි ලබා දෙනු ලැබුවා.
2016 වසරේ පෙබරවාරි 6 වැනි දා එ.ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක් විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබුවා.