Sat. Jun 28th, 2025

මිනිස්සු මේ ගාණට ඉන්නවා ඇති: බාල බෙහෙත් 300ක් බෙදා හැරලා!

Jan15,2025 #news #slpolitics
An investigation is requested into 300 substandard medicines!

මෙරට සෞඛ්‍ය පද්ධතියේ භාවිතා වූ ගුණාත්මක බව අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ සහ ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස රහස් පොලිසිය අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේවා ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ ඉල්ලා තිබෙනවා.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පැවැත්වෙනවා. මෙරට නිෂ්පාදනය කළ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය සහ වෙනත් රටවල්වලින් ගෙන්වූ ඖෂධ මෙම ඖෂධ 300 අතර වන බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *