Fri. Jun 27th, 2025

සබීතාගේ බිල්ඩිම ගැන විමර්ශනයක්!

Oct22,2024 #news #slpolitics

පසුගිය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සඳහ කුලී පදනමක් මත ලබාගත් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල ජනප්‍රිය නිළි සබීතා පෙරේරා සහ ඇගේ සැමියාට අයිති එකක් වන අතර රාජගිරියේ පිහිටා තිබෙනවා.

රජයේ ගොඩනැගිලි පවතිද්දී අධික කුලියක් අය කරමින් මෙම ගොඩනැගිල්ල ලබා ගැනීම පිළිබඳව එවක කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකට විවිධ චෝදනා එල්ල‌ වුණා.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ල ලබා ගැනීම වෙනුවෙන් තැන්පත් කළ රුපියල් කෝටි 66 ක මුදලද නැවත ලබා දී නැති බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *