පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
ඉදිරි මහ මැතිවරණය සඳහා පක්ෂ ප්‍රතිසංවිධානය කටයුතුවලට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඉදිරි මැතිවරණයේදී දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.