Sat. Jun 28th, 2025

බන්ධනාගාරයක් තුළ රැදවියෙක් ගෙල වැලලාගෙන මියයයි

May3,2024

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියකු බන්ධනාගාරය තුළදී ගෙල වැලලා ගෙන මියගොස් ඇති බව පල්ලෙකැලේ බලගොල්ල පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිටි රැඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී මෙලෙස සොයා ගෙන ඇත. මිය ගොස් ඇත්තේ හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට බන්ධනාගාර ගත කර සිටි වයස අවුරුදු 27 ක් වන මහයියාව, මහනුවර පදිංචි රංගසාමී පුවනේන්ද්‍රන් යන අයෙකි.

මොහුගේ සිරුර ඊයේ (02 වැනිදා) අලුයම 03.30 ට පමණ හමුවී ඇත. දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *