ලෝකය සමඟ දැනුම බෙදා ගැනීමේ ඉන්දියානු ජාතික වැඩසටහන යටතේ සහ දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම අරමුණින්, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතිරා.එස් (Dr. Athira S) මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ” India Corner” නම් ඉන්දියානු තොරතුරු සම්පත් පියස බණ්ඩාරවෙල මහා නගර සභාවේදී විවෘත කෙරුණා .
ඉන්දියානු කලාව, සංස්කෘතිය, ආගම, දර්ශනය සහ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ලබා දෙන වටිනා සම්පතක් ලෙසයි මෙය සැලකෙන්නේ .
ඒ සඳහා අවශ්‍ය සියලුම පොත් පත්, සගරා,ඇතුළු පරිගණක තාක්ෂණය මෙහි ස්ථාපිත කර තිබෙනවා .
එමෙන්ම ජනතාවට මෙන්ම පාසල් දරුවන්ට මෙහිදි අධ්‍යපනික කටයුතු හැදැරිමටයි සියලුම පහසුකම් සලසා දී ඇත්තේ .