Sat. Jun 28th, 2025

සැලොන්වලට යන්නේ බලාගෙනයි: අගේට තිබුණ කොණ්ඩෙට වුණ හදියක්!

Sep3,2024 #2024 #news

මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකදී තිස්පස් හැවිරිදි කතකට සිදු වූ අකරතැබ්බයක් ගැන වාර්තා වෙනවා.

එකී සැලොනයේදී ඇගේ හිසට ගැල්වූ යම් ආලේපනයක් හේතුවෙන් හිස කෙස් ගැලවී ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම රූපලාවණ්‍යාගාරය හිමිකාරිණිය සහ සේවිකාවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නද මෙම පිරිස ප්‍රදේශයෙන් අතුරුදහන් වී සැඟවී සිටින බවයි පැවසෙන්නේ.

හිස ගල්වන ලද ආලේපන වර්ගය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *