Sat. Jun 28th, 2025

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් නිවේදනයක්

Jul2,2024

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත් කර කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සකස් කරන ලද ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය පවසනවා.

එම ලිපිය පහතින්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *