Sat. Jun 28th, 2025

විශ්‍රාම යන මන්ත්‍රීන්ගේ වත්කම් බැරකම් ගැන නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම ගොස් වසර දෙකක් ඇතුළත තම වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කෙරෙන්නේ අලුතින් පනවන ලද දූෂණ විරෝධී පනතට අනුකූලවයි.

එම වත්කම් බැරකම් ප්‍රකාශයන්හි මූලික වාර්තාව සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසම නිවේදනය කළා.

මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය අතිරේක වත්කම් බැරකම් හෙළි කිරීමට වසර දෙකක කාලයක් හිමිවනු ඇති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *