Thu. May 1st, 2025

ටෙස්ට් තරඟයේ අරුම පුදුම විවේකය

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වූ අතර අද දිනය විවේකී දිනයක් ලෙස නම් කර තිබෙනවා.

ඒ අද දින පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන්.

කෙසේ වුවත් හෙට සහ අනිද්දා දෙදින තුළ සුපුරුදු පරිදි තරඟය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊයේ තරඟය අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවි ලකුණු 237 ක් ලබා සිටියා.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 305 ක් රැස් කළ අතර, නවසීලන්ත පළමු ඉනිම ලකුණු 340 කට සීමා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *