Sun. Jun 29th, 2025

අප්‍රිකානු කැළෑ බළලෙක් රුසියාවේ සිට ලංකාවට

Jul8,2024

අප්‍රිකානු කැළෑ බළළෙකු (African Serval Cat) නිසි අවසරයකින් තොරව ඉකුත් (05) දින උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබෙනවා.

සයිටෙස් ( S.I.T.E.S.) සම්මුතිය මගින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම කැළෑ බළළා , ශ්‍රී ලංකාවේ ” හදුන් දිවියාට ” සමානකම් දක්වයි.

යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම කැළෑ බළළ් විශේෂය සුරතලයට ඇති කරන අතර ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීන් පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම අප්‍රිකානු කැළෑ බළළා මෙරටට රැගෙන විත් ඇති අතර එම බළළා ඉකුත් (05) දින උදෑසන 09.30 ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබෙනවා.

මේ වනවිට මෙම කැළෑ බළළා දෙහිවල සත්වෝද්‍යානය වෙත යවා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ , සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *