කොස්ගොඩ පොලිස් වසමට අයත් මහඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුරු සිදු වී ඇති බව පොලීසිය පවසනවා.
අනතුර නිසා ලොරි රථයේ පැමිණි 55 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසු වන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.