මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සැප්තැම්බර් මාසයට අදාළ මිල සංශෝධනයයි.
කෙසේ වුවත් අද දිනයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවයි ඛණිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. නමුත් අමාත්‍යවරයා විසින් හෝ සංස්ථාව විසින් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් මේ වන තුරු සිදු කර නැහැ.