කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (විශ්‍රාමික) ශ්‍රී ලංකාව සහ කියුබානු ජනරජය අතර ද්වීපාර්ශවීය සබඳතා ආරම්භ වී වසර හැටපහක් (65) සපිරීම නිමිත්තෙන් 2024 ජුලි මස 24 වන දින කියුබානු ජනරජයේ ජනාධිපති අතිගරු Miguel Mario Diaz-Canel Bermúdez මහතා සමඟ නිල හමුවක් සිදු වී තිබෙනවා
ඒ අනුව, ශ්‍රී ලංකාව සහ කියුබානු ජන රජය අතර නිල වශයෙන් ද්වීපාර්ශ්වික සබඳතා ආරම්භ වී අද දිනට (2024 ජුලි 29) වසර හැට පහක් (65) සපිරීම නිමිත්තෙන්, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (විශ්‍රාමික) විසින් මෙලෙස 2024 ජුලි මස 24 වන දින කියුබානු ජනරජයේ ජනාධිපති හමුවී ද්වීපාර්ශ්වික වශයෙන් දෙරටේ විදේශ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සුහදව අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කළ බව සඳහන්