Sat. Jun 28th, 2025

ඇල්ටොත් ගිනි ගණන් වෙලා එයි!

Feb10,2025 #news #sl economy

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ නව මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 65ක් පමණ වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සම්පත් මෙරංජිගේ පැවසුවේ ජපන් නිෂ්පාදිත ඇක්වා මෝටර් රථයක මිල ලක්ෂ 135 ඉක්මවනු ඇති බවයි. හොන්ඩා වෙසෙල් රථයක මිල කෝටි දෙක ඉක්මවනු ඇති බවත් ජපන් ඇල්ටෝ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 75 ඉක්මවා යනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

මෙරට ජනතාව අතර බොහෝ ජනප්‍රිය ජපන් වැගන් ආර් වර්ගයේ රථයක මිල කෝටියකට ආසන්න වනු ඇති බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *