Tue. Jun 24th, 2025

විකල්ප විසඳුම් දුරයි: රිලා සංහාරයකට සාකච්ඡා!

Dec31,2024 #news #sl economy

බව භෝග සහ නිවාස දේපල වනසමින් දිනෙන් දින ඉහළ යන රිලා ගැටලුවට එකම විසඳුම රිලවුන් ඝාතනය කිරීම බව ඒ සඳහා සොයා බැලීමට පත් කරන ලද කණ්ඩායම්වල විශේෂ සාකච්ඡාවට බඳුන්ව තිබෙනවා.

රිලා ගහණය පාලනය පිණිස මේ වන විට ආයතන කිහිපයක් ඒකාබද්ධව සාකච්ඡා පවත්වමින් සිටින අතර එහි බහුතර අදහස වී ඇත්තේ මේ මොහොතේ රිලා ගහණය පාලනය කිරීමට රිලවු ඝාතනයක් සිදු කළ යුතු බවයි.

වන්ධ්‍යාකරණයට ලක් කිරීම සිදු කළද එහි ප්‍රතිඵල ලැබීමට වසර 10ක පමණ කාලයක් ගත වන ඇති බවයි පැවසෙන්නේ.

විවිධ විකල්ප ක්‍රමවේද මගින් පාලනය කිරීම ප්‍රායෝගික නොවන තරමට රිලාගහණය වැඩි වී ඇති බව හෙළිදරව් වී ඇතැයි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *