Fri. Jun 27th, 2025

මිසින්ග් වුණ නඩු භාණ්ඩ ගැන නඩු භාණ්ඩ කාමරයේ භාරකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Aug30,2024

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ තිබූ රුපියල් කෝටි 24 කට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 12ක් තොගයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම අධිකරණයේ හිටපු ගබඩා භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය රහස් පොලිසියට අවසර ලබාදුන්නා.

මෙම මත්කුඩු තොගය අස්ථාන ගත විම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා නියෝග කළා.

ඒ අනුවයි එහි හිටපු ගබඩා භාරකරු අත්අඩංගුවට ගැනුනේ.

ඔහු අද දිනයේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදි සැකකරු ලබන 4 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිමට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබාදුන්නා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි තරිදු යෝෂිත නැමැත්තෙකු එම හෙරොයින් තොගය රැගෙන ගිය බවටයි සැකකරු පවසා තිබුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *