2025 අය-වැයේ දක්වා ඇති පෞද්ගලික අංශයේ සේවක අවම වැටුප ඉහළ නැංවීම සම්බන්ධ කතාබහක් නිසා ඊයේ පැවැති දෙරණ වාදපිටිය වැඩසටහන උණුසුම් මුහුණුවරක් ගත්තා.
මෙම වැඩසටහනට ජාතික ජනබලවේගය වෙනුවෙන් පා.ම. නජිත් ඉන්දික සහ පා.ම. ලක්මාලි හේමචන්ද්‍ර සහභාගි වූ අතර මන්ත්‍රී අජිත් පී. පෙරේරා සමගි ජනබලවේගය වෙනුවෙන් ඊට එක්ව සිටියා.
පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළේ ද සහ ඒ කවදාද යන්න අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා විමසා සිටි අතර මන්ත්රීනී ලක්මාලි හේමචන්ද්‍ර දිගින් දිගටම එයට උත්තර දුන්නේ නැහැ. ඇය පසුව කියා සිටියේ තමන් උත්තර නොදෙන බවයි.
මන්ත්‍රීකම ගැන මහලොකුවට නොසිතන ලෙසත්, ඔතරම් උද්දච්ච නොවෙන ලෙසත් මන්ත්‍රීවරයා ඇයට කියා සිටියා.