අකුරණ නගරයේ අද (5) පෙරවරුවේ හටගත් ගින්න හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස වසා දමා තබූ මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ අකුරණ කොටස ගින්න මැඩවැත්වීමත් සමඟ පැය පහකට පමණ පසුව විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
ගින්නෙන් සිව් මහල් පෞද්ගලික ජාත්‍යන්තර පාසලක් ඇතුලු ගොඩනැගිලි හතරකට දැඩි හානී සිදුව තිබෙනවා.
මේ අතර මාර්ගය පුරා විසිරී තිබූ අබලි ද්‍රව්‍ය ඉවත්කොට මාර්ගය සෝදා හැරීමෙන් පසු මාර්ගය රථ වාහන හා මගී ජනතාවගේ ගමනා ගමනතමයට විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් සඳහන් කළා
කෙසේ නමුත් ගින්නෙන් විනාශ වූ ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය තවදුරටත් මාර්ගයට කඩා වැටීමේ අවදානම හේතුවෙන් එම මාර්ගයේ අකුරණ ප්‍රදේශය පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රථ වාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරනව