ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් වසන් වනවා.
2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්ද සදහා අයදුම්පත් කැඳවීමේ චක්‍ර ලේඛය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කළා.
ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතුයි.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
ඉදිරි වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්වුණා.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14 කි.