Wed. Apr 30th, 2025

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් රෝහලක අතෑරලා ගිහින්

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළු වීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සදහා ඇතුළු වන බව හඟවමින් ඉතා සූක්ෂමව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රෝහල පිටුපස පිහිටි මෘතශරීරාගාරය අසල මෙසේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම රථය දින කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරය අසල නවතා තිබෙනු දැක ඒ පිළිබඳව සොයා බැලිමේදී එහි හිමිකරුවකු නොමැති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම රථය බාහිර පුද්ගලයකු විසින් රෝහල් පරිශ්‍රයට ගෙනනැවිත් මෙසේ දමා ගොස් ඇතැයි පැවසෙනවා.

පසුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය මැදිහත් වී මේ බව පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ රථයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට එම රථය රැගෙන යාමට නොහැකි වන පරිදි මාර්ගය අවහිර වන සේ රෝහල් සේවකයින් ඒ අවට ප්‍රදේශයට ගල් දමා පාර අවහිර කර ඇතැයි පැවසෙනවා.

නව රජය පත්වීමත් සමග රජයට අයත් මෙම වාහනය අවභාවිතා කළ අයකු මෙසේ රෝහල් පරිශ්‍රයට රථය ගෙනැවිත් අතහැර දමා ගියාද නැතහොත් කිසියම් අපරාධයක් සිදුකොට රාජ්‍ය ලාංඡනයක් සවිකොට බලධාරීන් නොමග යැවීමට මෙසේ නවතා දමා ගියාද යන්න පිළිබඳව සැක මතුව ඇතැයි රෝහල් කාර්ය මණඩලය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *