මාවනැල්ල, බෙලිගම්මන හෝටලයක නැවතී සිටි 37 වියේ තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබී සොයාගෙන තිබෙනවා.
පූඩළුඔය පදිංචි පෞද්ගලික ආයතන සේවකයෙක් ලෙස ඔහු හඳුනාගෙන ඇති අතර ඊයේ (02) අලුයම ඔහු නැවතී සිටි කාමරයෙන් ජලය ගලා එනු දැක විමසීමේදී ඔහු මිය ගොස් ඇති බව දැක තිබෙනවා.
ඔහුගේ කාමරයේ තිබී පානය කළ මත්පැන් බෝතලයක කොටසක්, රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක්, කරාබු ජෝඩුවක් සහ ඖෂධ වර්ග කීපයක් හමු වූ බව පොලිසිය පවසනවා. පරීක්ෂණ ක්‍රියාත්මකයි.