රබර් වගාවේ පැතිර යන නව වළයාකාර පත්‍ර පුල්ලි රෝගය (පෙස්ටා- Circular Leaf spot Disease) මර්දනය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය විසින් සිදු කළ රසායනික පර්යේෂණයකින් සියයට 80ක සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසනවා
මෙම පත්‍ර පුල්ලි රෝගය දැනට කළුතර, රත්නපුර මෙන්ම මොනරාගල හා අම්පාර ප්‍රදේශවලට ද පැතිර ගොස් ඇති අතර වාර්ෂික රබර් කිරි අස්වැන්න සියයට 10කින් අඩුවීමට මෙම රෝගය ඇතුළු කරුණු ගණනාවක් බලපා ඇතැයි ද රබර් පර්යේෂණායතනයේ ආචාර්ය සරෝජනී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (27) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්
ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිකුත් කළ වැඩිදුර තොරතුරු පහතින්
“දිලීරයක බලපෑමක් හේතුවෙන් මෙම රෝගය රබර් ගසේ පත්‍රවලට වැළඳෙන අතර රබර් ගසේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මේ නිසා අකර්මණ්‍ය වේ. ඒ හේතුවෙන් රබර් කිරි නිෂ්පාදනය අඩාල වීම සිදුවේ.
දැනට මෙම රෝගය ආසියානු කළාපය තුළ බොහෝ රටවල්වල දක්නට ඇත. නමුත් මෙතෙක් මේ සඳහා කිසිදු ප්‍රතිකර්මයක් සොයා ගැනීමට ද අපොහොසත් වී තිබේ.
කෙසේ වුවද මෙම රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ 10කට වැඩි සංඛ්‍යාවකින් එක් රසායනික පර්යේෂණයක් සියයට 80ක සාර්ථකත්වයක් ලබා ඇතැයි ද එම මහත්මිය සඳහන් කළාය.
මෙම පර්යේෂණය මේ වනවිට ක්ෂේත්‍රය තුළ අත්හදා බලා ඇති අතර එය ලබන වර්ෂයේ දී මෙරට රබර් වගාව සඳහා සියලු රබර් වගා කරුවන්ට ලබා දීමට පියවර ගන්නා බව ද ආචාර්ය සරෝජනී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් සිදු කළ මෙම පර්යේෂණය සාර්ථක වීම අපේ රට අන්තර්ජාතික වශයෙන් ලද ජයග්‍රහණයක් බව ප්‍රකාශ කළේය. වැවිලි අංශයේ නව පර්යේෂණ සඳහා රජය වශයෙන් තවදුරටත් ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.”