Sat. Jun 28th, 2025

නැගණියට දස වද දී නිදා සිටි අක්කාව ගෙල කපා මරා දමලා

Jun11,2024
Picture of a numb hand of a woman showing death or unconsciousness

තියුණු ආයුධයකින් ගෙල කපා නිදා සිටි ඇද මතදී ම කාන්තාවක් ඝාතනය කර ඇති බව හොරණ පොලීසිය පවසයි.

අද (11) අලුයම හොරණ, මීවනපලාන ප්‍රදේශයේ සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ එම ඝාතනය සිදුව තිබිණි.

එලෙස ඝාතනය කර ඇත්තේ, බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිට 57 හැවිරිදි කාන්තාවකි.

මරණකාරිය නැගණියත් සමඟ නිවසේ තනිව වාසය කර ඇත.

නැගණිය මීට සති තුනකට ඉහතදී මියගිය කාන්තාවගේ නිවසේ නතර වීමට පැමිණි ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 7.30 පමණ කාන්තාවන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති අතර පසුව අලුයම 1.45ට පමණ කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් නිවසට පැමිණ තිබේ.

ඔවුන් මරණකාරියගේ නැගණියගේ දෙඅත් ගැට ගසා කටට රෙදි ඔබා කාමරයේ දමා මියගිය කාන්තාව නිදා සිටි කාමරයට ගොස් තිබේ.

සුළු වේලාවකින් මරණකාරිය කෑ ගසන හඬක් ඇසී ඇත.

පසුව මියගිය කාන්තාවගේ නැගණිය ගැට ගසා සිටි දෙඅත් හා කටට ඔබා තිබූ රෙදි කැබැල්ල සමග ම අසල්වැසි නිවසකට ගොස් මේ බව පවසා තිබේ.
පසුව එම අසල්වැසියන් විසින් පොලීසියට කළ දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය කාන්තාව සතු ස්වර්ණාභරණ හා මුදල් ගෙන ගොස් නොමැති අතර, ඇයගේ කාමරයේ තිබූ අල්මාරිය කඩා රෙදි අවුස්සා දමා ඇතැයි පොලීසිය පවසයි.

ඝාතකයින් නිවසට ඇතුළු වු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම ඝාතනය කුමක් අරභයා සිදුකළේ ද යන්න සොයා පොලීසිය විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *