අය-වැය සාර්ථක වේවා යැයි තමන් අවංක ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අය-වැයේ ඇති ජනහිතකාමී දේවලට තම සහය හිමිවන බව කී විපක්ෂනායකවරයා, කෙසේ වෙතත් ලබා ගත් ජනවරමට සරිලන ආකාරයට මෙම අය-වැය සැකසී නැති බවද කියා සිටියා.
ජනතාවගේ පැත්තෙන් වඩාත් සිතූ අය-වැයකට ප්‍රවේශ වීමට ආණ්ඩුවට හැකියාව තිබුණද එය නොසලකා හැර ඇති බවයි ඔහු අවධාරණය කළේ.