Sat. Jun 28th, 2025

වර්ජන රැල්ලක් අද සිට

May2,2024

රජයේ ශේත්‍ර 18 කටයුතු මේ වන විට අඩපණ වී ඇතිබව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසීය.
ඒ රජයේ විධායක නිලධාරීන් අද (02) පෙරවරු 08.00 ආරම්භ කර ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙනි.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සහ හෙට (03) පැවැත්වීමට නියමිතයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙනි.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා මේවන විට රාජ්‍ය ඉංජිනේරු සේවාව,කෘෂිකර්ම ,අධ්‍යාපන ,සෞඛ්‍ය ,විද්‍යාත්මක තොරතුරු තාක්ෂණ ,ක්‍රම සම්පාදන ,කම්කරු ,මිනින්දෝරු ඇතුළු ශේත්‍ර ගණනාවක නිලධාරීන් එක්ව සිටින බව පැවසීය.

අද දවල් උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ගැටලුව නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *