Sun. Jun 29th, 2025

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Aug26,2024

හැටන් ෂැනන් වතුයායේ සේවය කරමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම කම්කරුවන් පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරුන් පහර දීමෙන් වතු කම්කරුවන් සිව් දෙනකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර බවයි වතු කම්කරුවන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ වටවල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙකු පවසන්නේ ෂැනන් වතුයායේ සිදු වූ බඹර ප්‍රහාරයෙන් රෝහල් ගත කළ සිව් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ඒ මහතා සදහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *