ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ ජනාධිපතිවරණ කාල සීමාවේ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසයි.
පළාත් පාලන ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිබඳ විමසිලිමත් වන ලෙසත් මාධ්‍ය වාර්තා පිළිබඳ යාවත්කාලීන වෙමින් එම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත් අමෙරිකාව වැඩි දුරටත් දැනුම් දෙනවා.