Sat. Jun 28th, 2025

ලංකාවේ ඉන්ධන වෙළඳපොළට අලුත් කෙනෙක්

Feb26,2025 #lanka fuel market #shell

ඇමරිකාවේ ආර් එම් පාක්ස් සහ ට්‍රයිස්ටාර් සමාගම් හවුල්කාරීත්වය යටතේ ෂෙල් වෙළද සන්නාමය සහිත මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද අඹතලේ ප්‍රදේශයේ විවෘත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ සිල්ලර වෙළඳනාම බලපත්‍ර ගිවිසුමට පසුගිය මාර්තු මාසයේ දී අත්සන් කිරීමත් සමගයි.

ආර් එම් පාක්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150 ක ජාලයක්, ෂෙල් ලෙස යළි සන්නාමකරණයට ලක් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *