Wed. Apr 30th, 2025

තලතාට එ.ජා.ප මහ පුටුවක්!

Jan3,2025 #news #ranil #slpolitics

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ තලතා අතුකෝරළ පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කළ බවයි.

2024 ජනාධිපතිවරණයට පෙර තලතා අතුකෝරළ සමගි ජන බලවේගයෙන් ඉවත් වූයේ පක්ෂය තුළ ඇති වූ මතභේද හේතුවෙන්.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ මීට පෙර දූෂිත දේශපාලනඥයන් ලෙස හංවඩු ගැසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය සමඟ එක්වීමත් සමඟ තමන් මෙම තීරණයට එළඹුණු බවයි.

වැඩි කල් යන්නට මත්තෙන් තලතා අතුකෝරළ 2024 ජනාධිපතිවරණයේදී එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අතරතුර සිය සහය ලබා දෙනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *