Sat. Jun 28th, 2025

ඇමතිටත් හොරෙන් නීති විදුහල්පති දොට්ට දැමීමේ තැතක්

නීති විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආචාර්ය අතුල පතිනායකට සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට නීති අධ්‍යාපන කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිලිබදව කොලඹ නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් මතු වී ඇති අතර පතිනායක ඉකුත් වසර 03 පුරා නීති විද්‍යාලයේ උන්නතිය සඳහා විශාල මෙහෙයක් සිදු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

පැරණි ආයතනික කළමනාකරණ ව්‍යුහය නවීකෘත කරමින් සහ නවීකෘත භෞතික සම්පත් රැසක් සිසුන්ට ලබා දෙමින්, කලට වෙලාවට විභාග පවත්වමින් සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා විවර කරමින් නීති විද්‍යාලය තුල පතිනායක මහතා සිදුකරගෙන ගිය වැඩපිළිවෙළ පසුගිය කාලසීමාව තුල නීති ක්ෂේත්‍රයේ මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද නොමඳ පැසසුමට ලක් වී තිබෙනවා.

පසුගිය කාල සීමාව පුරාවටම පතිනායක මහතාට එරෙහිව නිර්නාමික චෝදනා සහ මඩ ප්‍රහාර රාශියක් එල්ල වූ අතර පසුව ඒවායේ අසත්‍යතාවය හෙළිදරව් වීමෙන් එම චෝදනා යටපත් වුණා.

මේ පිළිබඳව වත්මන් අධිකරණ ඇමතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කිසිඳු ආකාරයකින් දැනුම්වත් කිරීමට නීති අධ්‍යාපන කවුන්සිලයේ අමාත්‍යවරයාගේ නියෝජිතයින් 6 දෙනා ලෙස කටයුතු කරන නීතිඥවරුන් ක්‍රියා කර නොමැති බවත් එමෙන්ම අදාල තීරණය ගැනිම සඳහා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා පවා සහභාගී වී නොමැති බවත් රජය පාර්ශවයෙන් කල විමසීම් ඔස්සේ වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *